27 C
Colombo
19/01/2025

කොරෝනා ආසාදිත නොවූවන් ආසාදිත ලෙස පවසමින් පුද්ගලික රෝහල් මුදල් උපයන ජාවාරමක

Share with your friends :

කොරෝනා ආසාදිත නොවූවන් ආසාදිත ලෙස සදහන් කරමින් මෙරට පුද්ගලික රෝහල් විසින් මුදල් උපයන ජාවාරමක් සිදු කරමින් ඇතැයි පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය කියා සිටියි.

මෙරට පෞද්ගලික රෝහල් වල PCR පරීක්ෂණ සහ නිරෝධායනය මූලික කරගෙන මෙම ජාවාරම සිදු වන බව සංගමය කැදවුම්කරු රවි කුමුදේශ් මහතා සඳහන් කළේය.

එසේ ආසාදි යයි කියන පුද්ගලයන් රෝහල විසින් ප්‍රතිකාර ලබා ලක හැකි බව පවසමින් එක් අයෙකු වෙත රුපියල් ලක්ෂ තුනක පැකේජයක් යෝජනා කරන බව ද ඔහු පැවසීය.

මෑතකදී එවන් පරීක්ෂණයක් සිදු කිරීමෙන් පසුව අදාළ කාන්තාව තවත් අවස්ථා දෙකකි නැවත PCR පරීක්ෂණ කිරීමේදී ආසාදිත නොවන බව හෙළිවී ඇතැයිද ඔහු සදහන් කලේය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිසි ලෙස කටයුතු නොකිරීමේ හේතුව මත මෙම තත්වය උද්ගත වී ඇතැයිද ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.

Share with your friends :