27 C
Colombo
24/02/2025

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පෙම්වතිය කැරී සයිමන්ඩ්ස් සමග විවාහ වෙයි

Share with your friends :

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඔහුගේ පෙම්වතිය කැරී සයිමන්ඩ්ස් හා විවාහ වී තිබේ. රහසිගතව සංවිධානය කර තිබු මෙම උත්සවය වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේදී පවත්වා තිබේ. මේ සඳහා 30 දෙනෙකු සහභාගිවී ඇත්තේ එරට නිරෝධායන නීති වලට අනුවය.
වසර 200 ක පමණ මෑත ඉතිහාසයේ ධුරය දරන අගමැතිවරයකු විවාහ වූ විරල අවස්ථාවක් ලෙස මෙය සැලකේ. මීට පෙර දේවත්වක් විවාහ වී ඇති බොරිස් ජොන්සන් 56 හැවිරිදිය.
කැරී සයිමන්ඩ්ස් මාධ්‍යවේදිනියක් වන අතර ඔවුන් දෙදෙනාගේ මුල්ම දරුවා 2020 අප්‍රේල් මාසයේ උපත ලැබීය.

Share with your friends :