දින කීපයකට පෙර තමා හැර ගිය බිරිඳට මගමගදී සැමියා එල්ල කළ පිහි ඇනුමකට ලක්වීමන් ඉතාලියේ රෝමයේ වෙසෙන ශ්‍රී ලංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත. එම ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ ලාංකික සැමියා ද රෝම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. මෙම කාන්තාවට සැමියා විසින් පිහි පහර 12 ක් එල්ල කර ඇති අතර එයින් දෙකක් ඇගේ පපු ප්‍රදේශයට එල්ල කර තිබු බව පැවසේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉතාලියේ විසූ 40 හැවිරිදි ලාංකික කාන්තාවක් වන අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ සැමියා වන 49 හැවිරිදි ලාංකිකයකු අත්අඩංගුවට ගෙන ඇත.
රෝමයේ පොර්තුනීස් ( Portuense) ප්‍රදේශයේ මහ මගදි මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවී ඇත.
මහමගදි මෙම සැකකාර ලාංකිකයා විසින් ඇයගේ බිරිඳට සිදු කළ මාරාන්තික පිහි ඇනුමෙන් ඇය මාර්ගයේ ඇද වැටී ඇති අතර , ඇයගේ තත්ත්වය බරපතල වූ නිසා මාර්ගයේ ගමන් ගත් පිරිස් ගිලන් රථ කැදවා ඇයව රෝමයේ සෙන්ට් කැමිල්ලෝ ( S. Camillo )රෝහල වෙත පිටත් කර යවා ඇත.
රෝහලට ගෙන යන විටත් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඇයව හදිසි ශල්‍යකර්මයකට භාජනය කිරීමට කටයුතු යොදා තිබුණද ඊට පෙර ඇය මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. ඇයට පිහි පාරවල් කිහිපයක් එල්ල කර ඇති අතර බඩට එල්ල වී තිබු මාරාන්තික පිහි පාරවල් 2 ක් නිසා ඇය මිය ගොස් තිබෙන බව සදහන් වේ.
ඔවුන් දෙදෙනා මහා මාර්ගයේ බහින්බස් වෙමින් ගමන් ගත් බවත්, ක්ෂණිකව ඔහු විසින් පිහියක් ගෙන ඇයට එල්ල කල බවත් මහාමාර්ගයේ ගමන් ගත් අය රෝම පොලිසියට පවසා තිබේ. පොලිසිය එතනට පැමිණෙන විටත් ඔහු එම පිහිය අත දරා සිටි බවද පොලිසිය සදහන් කරයි.