27 C
Colombo
19/01/2025

ඛනිජ තෙල් ව්‍යාපාරය පුද්ගලීකරණයට

Share with your friends :

මෙතෙක් රජය යටතේ පවතී මෙරට ඛනිජ තෙල් ව්‍යාපාරය පුද්ගලීකරණය කෙරේ.
ඒ සදහා අදාල යෝජනාව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉදිරිපත් කර ඇත. ඔහු පිවිතුරු හෙළ උරුමයේ නායකයාද වෙයි.
මේ අනුව මෙරටට ඉන්ධන ආනයනය පිරිපහදුව බෙදාහැරීම පුද්ගලික අංශය සඳහා විවෘත කිරීමට නියමිතය. මෙතෙක් එය රජයට අයත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඒකාධිකාරයක්ව පැවතිනි. දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදුකරන ලද මෙම කාර්‍යයන් ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත සංශෝධනය කිරීමෙන් පසුව පෞද්ගලික අංශයටද සිදු කිරීම සදහා අවසර දීමට නියමිතය.එය සම්මත වීමෙන් පසු පෞද්ගලික අංශයටද පෙට්‍රල් ඩීසල් භූමිතෙල් ඇතුළු ඛනිජ තෙල් නිෂ්පාදන සහ විකල්ප ඉන්ධන ආනයනය සහ පිරිපහදු කිරීම බෙදා හැරීම සඳහා අවසර ලැබීමට නියමිතව තිබේ.

Share with your friends :