එන්නත් කරන කටයුතුවල යෙදී සිටි සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ගල්කිස්ස පොලිසියට බාරවී තිබේ.
පොලීසියට බාරවීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
මොරටුවේ එන්නත් කරන වැඩසටහනට බාධා කළේ ඇයි වෛද්‍යවරියක් විසින් කරන ලද පැමිණිල්ලක් මත සිදුකරන පරීක්ෂණ අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබිණි.
අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ජුනි 11 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගොඩ මහතා නියෝග කළේය.