27 C
Colombo
20/01/2025

දේශපාලන මැදිහත්වීම ආණ්ඩුවේ එන්නත්කරන ප්‍රතිපත්තියදැයි වහාම රටට හෙලි කරන්න

Share with your friends :

මොරටුව සහ කුරුණෑගල සිදු වු දේශපාලන මැදිහත්වීම ආණ්ඩුවේ එන්නත්කරන ප්‍රතිපත්තිය දැයි ජනාධිපති, අගමැති, සෞඛ්‍ය අමාත්‍යවරුන් වහාම රටට හෙලි කළ යුතු යැයි සමගි ජන බලවේගයේ පර්යේෂණ සහ පුහුණු කටයුතු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

එය එසේ නොවන්නේනම් රාජ්‍ය නිලධාරීන්ට තම රාජකාරිය ඉටුකිරීමට බාධා කළ පුද්ගලයන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

“කොවිඩ් වසංගතය තුළ පීඩාවට පත්ව සිටින ජනතාවට එමගින් සුරක්ෂිත වීමේ පැහැදිලි විසදුම වන්නේ එන්නත්කරණය බවත් එය රටවාසි සියලු දෙනා වෙත ලබාදිමේ වගකීම සහ වගවීම ඇත්තේ ආණ්ඩුවත් ඔහු පවසයි.

එන්නත ලබාදීමේ දි කිසිදු භේදයකින් තොරව සියලු දෙනාට ඒවා ලබා දිය යුතු බව ද ඔහු අවධාරණය කරයි.

කොවිඩ් එන්නත් කරණයේදී මොරටුව සහ කුරුණෑගල පෙදෙස්වල ලබාදීමේදි සිදු කළ දේශපාලන මැදිහත්වීම තුළන් අප දකින්නේ වර්තමාන ආණ්ඩුව යනු තම පාක්ෂිකයින්ට පමණක් වගකියන ආණ්ඩුවක් බව ද ඔහු කියයි.

Share with your friends :