27 C
Colombo
21/01/2025

ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරටට ගෙන්වීමේ පෞද්ගලික ඒජන්සිය ඉල්ලන්නේ කාටද?

Share with your friends :

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සිංගප්පුරුවේ ඇස්ට්‍රාසෙනෙකා සමාගම වෙත ලිපියක් යොමුකලේ ක වෙනුවෙන්ද යන්න හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අවධාරණය කළේය.
කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් සේනාරත්න මහතා පෙන්වා දුන්නේ කොවිඩ් එන්නත්කරණය ව්‍යාපාරයක් බවට පත්කරගැනීමට වෑයමක් ඇති බවයි.

ඒ අනුව ඇස්ට්‍රාසෙනෙකා සමාගම විසින් වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වෙත දැනුම් දී ඇත්තේ දැනට එම එන්නත සම්බන්ධයෙන් කටයුතු කරන්නේ රජයන් සමඟ හා ජාත්‍යන්තර පිළිගත් සංගම් සමඟ පමණක් වන බවත් පෞද්ගලික අංශයට විකිණීමක් හෝ බෙදාහැරීමක් සිදුනොකරන බවත් යන්න සේනාරත්න මහතා සඳහන් කරන ලදී.

පවතින තත්ත්වය අනුව යම් කිසි අයුරකින් පෞද්ගලික අංශය විසන් මෙම එන්නතා ලබාගෙන බෙදාහැරීමට කටයුතු කරනේ නම් එය ඉතා නරක බවත් එයට විරුද්ධ බවත් ඒ ගැන වාර්තා කරන බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාව ඇස්ට්‍රාසෙනෙකා සමාගම විසින් දැනුවත් කර ඇත.

” අපි ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදෙන්නේ කොවැක්ස් එකෙන්,යුනිසෙෆ් එකෙන් ඉන්දියාවේ සීරම් ආයතනය හරහා පමණයි. එම සමාගමෙන් ප්‍රසන්න ගුණසේන මැතිතුමාට මේක ලියන්නේ මොකද, කවුද මේ පෞද්ගලික ඒජන්සියක් ඉල්ලලා යැව්වේ. පුද්ගලික සමාගමකට මේ එන්නතේ ඒජන්සිය දෙන්න කියල කවුද ඉල්ලුවේ,වහාම අපිට උත්තර දෙන්න. ප්‍රසන්න ගුණසේන මහත්තයා මාධ්‍ය වෙත ඇවිල්ලා අමූලික බොරු කියන්නේ. එතුමා දන්න එන්නත්කරණයක් නැහැ. එතුමා හිටියේ පුද්ගලික අංශයේ. එන්නත්කරණයට එතුමා කවදාවත් සම්බන්ධ වෙලා නැහැ. අපිට ආරංචි තියෙන විදිහට මේ ඒජන්සිය ඉල්ලලා තියෙන්නේ එක්තරා ජන මාධ්‍ය ආයතනයක අයිතිකරුවෙක් ඉන්න සමාගමක්. ඒ සමාගම තමයි දැන් අන්ටිජන් ටෙස්ට් ගේන්නේ. PCR කිට් ගේන්නේ. ක්‍රීඩා අමාත්‍යාංශයට ජිම් 500ක් ලබාදෙන්නේ.”

ඒ නිසා මෙම ගණුදෙනුව පිටුපස සිටින අය කවුද කියා ප්‍රසන්න ගුණසේන මහතා විසින් හෙළිකළ යුතු බව රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසුවේය.
https://fb.watch/5MO5dPSTc-/

Share with your friends :