27 C
Colombo
17/11/2024

කොරෝනා එන්නත් බ්ලැක් මාර්කට් එන්න හදනවා – මනුෂ

Share with your friends :

ලෝකයේ කිසිම රටක් චිට් ක‍්‍රමයට කොරෝනා එන්නත ලබාදී නොමැති බවත්, දේශපාලඥයින්ගේ ලයිස්තුවලට අනුව එන්නත ලබාදීමට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ලැජ්ජා විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පවසයි.

නිසි වේලාවට එන්නත් ආනයනය නොකළ ආණ්ඩුව ජනතාවගේ ජීවිත අවදානමට පත් කරමින් ‘‘බ්ලැක් මාර්කට් එකෙන්’’ එන්නත් මිලදී ගැනීමට උත්සාහ ගනිමින් සිටින බවද පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී ඔහු සදහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
රසායනික ද‍්‍රව්‍ය රැගත් නැව පිපිරීම බරපතල තත්වයක් බවට පත්ව තිබෙනවා. මේ නැව මුහුුදුබත්වීමේ අවදානමක් තිනෙබවා. නැවේ තිබෙන රසායනික ද‍්‍රව්‍ය මුහුදට එක්වෙලා මුහුදු පරිසර පද්ධතිය විනාශ වෙමින් පවතිනවා.

ඒ වගේම රසායනික වැසි ඇතිවීමේ අවදානමක් පවා ඇතිව තිනෙවා. මේ වගේ බරපතල කරුණකට පසුව රජය මෙයින් වන පරිසර හානිය අවම කරලා නීතිමය පියවර ගත යුතුයි. නමුත් රජයේ ඇමැතිවරු කියන්නේ ඇතිවී තිබෙන තත්වය මොකක් වුනත් දැන් තිබෙන හානිය අවම කරගත යුතු බවයි.

මේ නැව ඉන්දියාව හා කටාර් රාජ්‍යය තමන්ගේ රටවලට ඇතුළුවීම තහනම් කළා. ඒ රසායනික ද‍්‍රව්‍ය කාන්දුවීමක් වන විට අවශ්‍ය මෙහෙයුම් කටයුතු කිරීමේ පහසුකම් තමන්ට නොමැති බව දන්වා තිබෙන නිසයි.

ඒත් රසායනික ද‍්‍රව්‍ය කාන්දුවක් සිදුවන බව දැනුම්දී තිිබියදීත් මේ නැවට ඒමට අවසර දුන් බව වරාය අධිකාරිය පවසනවා. මේ වගේ රසායනික ද‍්‍රව්‍ය සහිත නැවක් ලංකාවට එන විට වරාය අධිකාරියෙන් අවසර ගත්තම ඇතිද? සමුද‍්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් අනුමැතියක් අරගත යුතු නැද්ද?

මේ නැව නිසා ඇතිවී තිබෙන විනාශය ඩොලර් වලින් ගණන් කරන්න බෑ. ඇතිවූ පරිසර හානිය මුදල් වලින් මනින්න බෑ. මේ නැවෙන් ලොකු වන්දියක් ලබාගන්නා බව ආණ්ඩුවේ ඇමැතිවරයෙක් කියනවා.

මේ නැවේ රසායනික ද‍්‍රව්‍ය කාන්දුවක් වන බව දැන දැනම රට ඇතුළට අරගෙන ආවේ රටේ තියෙන ඩොලර් හිගයට විසදුමක් ගන්නද? ලංකාවේ මුහුදට හානියක් වෙන්න ඇරලා ඩොලර් එකතු කරගන්නද ආණ්ඩුව හදන්නේ?

ඒ වගේම ලෝක රක්ෂණ සමාගම් එක්ක සම්බන්ධතා තියෙන ඇමැතිවරු ඉන්නවා. මේ හරහා රජයට මුදල් ලබාගැනීම කෙසේ වෙතත් තම තමන්ගේ සාක්කුවලට මුදල් ලබාගැනීමට ලංකාවේ පරිසරය විනාශ වෙන්න ඉඩ ඇරියාද කියන සැකය අපිට තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ තියෙන හානිය රුපියල් සත වලින් මනින්න බෑ. මේ සමුද‍්‍ර පරිසරය නැවත යථා තත්වයට පත් කළ කටයුතු කළ යුතුයි.

රජයට ලැබිය යුතු නිශ්චිත වන්දි මුදල ලබා නොගෙන කූඨ පියවර ගන්න එපා. මේ නැවට ලංකාවේ මුහුදු තීරයට එන්න අවසර දුන්නේ කවුද? ඒ අවසරය දුන්න අයට ගන්න නීතිමය පියවර මොනවාද යන්න ගැන අපි දැඩි අවධානයෙන් බලා සිටිනවා

මේ නැවේ කපිතාන්වරයා හෝ එහි නාවිකයින්ට කොරෝනා ආසාදනය වී ඇති බව පැවසුවා. පසුව ඔවුන්ට කොරෝනා නොමැති බව පැවසුවා. එහෙම මේවා යට ගහන්න හදන්නේ ඇයි? මේවා ගැන ඇහුවම ආණ්ඩුවේ ඇමැතිවරුන්ට තරහා යනවා. එහෙම තරහා යන්නේ මේවා යට මොනවා හරි දේවල් තියෙන නිසානේ

කොරෝනා රෝගී තත්වය වර්ධනය වන විට රටේ සංචරණ සීමා පනවන්න කියලා අපි ඉල්ලා සිටියා. අද වන විට සංචරණ සීමා පැනවීම හොදයි. ඒත් සංචරණ සීමා ක‍්‍රියාතම්ක කරන විට ජනතාවට අවශ්‍ය බඩු මිලදී ගැනීමට ක‍්‍රමවේදයක් සකස් කළ යුතුයි.

එක පැත්තකින් ජනතාවට අවශ්‍ය බඩු මිලදී ගන්න අවස්ථාවක් නෑ. අනික් පැත්තෙන් නුවරඑළියේ ගොවියාට තමන්ගේ අස්වැන්න විකුණා ගැනීමට ක‍්‍රමයක් නැහැ. ආර්ථික මධ්‍යස්ථාන හරහා එළවළු විකුණා ගැනීමට විධිමත් ක‍්‍රමවේදයක් නැහැ. මැනිං වෙළදපොළ විවෘත කළත් ගමේ කඩයක් විවෘත කරගන්න විදියක් නෑ. මිරිහානේ ඉදලා ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා එන මග දිගට දකින ඒවා අනුව තමයි දැන් තීරණ ගන්නේ. විද්‍යානුකූලව මේවා ගැන තීන්දු ගත්තා නම් ජනතාවට තමන්ගේ සැපයුම් ද‍්‍රව්‍ය ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

එහෙම විද්‍යාත්මක ක‍්‍රමවේදයක් අනුගමනය කළා නම් කොළඹ ඉන්න පාරිභොගිකයාට ගිනි ගනං දීලා බඩු ගන්න වෙන්නේ නෑ. නුවරඑළියේ ඉන්න ගොවියාට තමන්ගේ අස්වැන්න විකුණාගන්න බැරිව ලතවෙන්න ඔ්නත් නෑ. මේකට මිනිස්සුන්ට බැනලාවත්, ගොවීන්ට බැනලාවත් වැඩක් නෑ. බෙදාහැරීමට ක‍්‍රමවේදයක් නැති ආණ්්ඩුව ෆේල් නිසා තමයි මේවා හරියට කරන්න බැරි වෙලා තියෙන්නේ

මිරිහානේ ඉදලා ජනාධිපති ලේකම් කාර්යාලයට එන විට පාරේ වාහන වැඩි නම් වාහන වලින් යන්න එපා කියලා කියනවා. ළගම කඩයට විතරක් යන්න කියනවා. අවංක චේතනාවෙන් යනවා නම් දුර වුනත් ඒ.ටී.එම්. යන්ත‍්‍රය ළගට යන්න කියනවා. අපේ ගාල්ල දිස්ත‍්‍රික්කයේ ඒ.ටී.එම් එකක් ළගට යන්න ගාල්ල නගරයට එන්න වෙනවා. කිලෝමීටර විස්ස තිහ යන්න වෙනවා. මේ අයටත් පයින් යන්න කියලා තමයි කියන්නේ. ගමේ තියෙන කඩේට යන්න කිව්වම ගමේ හැමෝම එක තැනකට රොක් වුනා.

වාහන තියෙන අයට ආරක්ෂිතව යන්න එන්න ක‍්‍රමවේදයක් හැදීමට ආණ්ඩුවට හැකියාවක් තිබුණේ නෑ. එදා වේලට තීන්දු තීරණ ගත්තාට ශක්තිමත් තීන්දු ගැනීමට ආණ්ඩුවට හැකියාවක් නෑ.

කොරෝනා එන්නත් ලබාදීම සම්බන්ධයෙන් බරපතල අර්බුදයක් මතුවී තිබෙනවා. එන්නත ගේ්න්න කියලා විපක්ෂනායකතුමා දිගටම පාර්ලිමේන්තුවේදී පැවසුවා. මේ එන්නත ගෙනාවොත් බෙදාහැරීමේ යාන්ත‍්‍රණය මොකක්ද කියලා ඇහුවම හමුදාවෙන් ඒවා කරනවා කිව්වා.

නමුත් එන්නත ඇනවුම් කිරීමේ තැන සිට ආණ්ඩුව අනාගෙන ඉන්නේ. ලෝකයේ අනික් රටවල් එන්නත් ලබාගැනීමට කටයුතු කළාට පස්සේ තමයි අපේ රටෙන් එන්නත ලබාගැනීමට ඇනවුම් දිරිපත් කරනේ. එතකොට මිලදී ගැනීමට එන්නත් නැහැ.

ඇස්ට‍්‍රසෙනිකා එන්නතේ දෙවැනි මාත‍්‍රාව ලබාගැනීමට පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයෙන් මුදල් වෙන් කර තිබෙනවා. ඒක ලබාගැනීමට මුදල් වෙන් කිරීමට මෙතරම් කාලයක් බලාගෙන සිටියා. දැන් මේ මුදල් වෙන් කරන්නේ ‘‘බ්ලැක් මාකට්’’ එකෙන් හරි බෙහෙත් ගන්නයි.

මෙහෙම බැලැක් මාර්කට් එකෙන් බෙහෙත් ගන්න ගියොත් ඒක බරපතල තත්වයක් බවට පත්විය හැකියි. ලෝකයේ අනික් රටවල් එන්නත් කරලා අවසන් කළාට පස්සේ තමයි අපේ රටේ එන්නත් ලබාගැනීමට කටයුතු කරන්නේ. ඒ තරම් පිටුපසින් තමයි අපි ඉන්නේ. ඒ තරම් පිටුපසින් තමයි මිනිස් ජීවිත ගැන ආණ්ඩුව කල්පනා කරන්නේ. පැණි පොවලා, මුට්ටි ගගට දාලා ජනතාව රවටන්න ආණ්ඩුව උත්සාහ ගත්තා. අද වන විට ජනතාවත් රැවටිලා, ආණ්ඩුඩවත් අර්බුදයට ගිහින්.

ආණ්ඩුව ඩොලර් අර්බුදයක හිටියත්, එන්නත් ගෙන ඒම පරක්කු කරන්න තමයි ආණ්ඩුව කටයුතු කර තිනේනේ. ආණ්ඩුවේ සමහර ඇමැතිවරු මුදල් ප‍්‍රශ්ණයක් නැහැ කියලා කිව්වත් එහෙම මුදල් ප‍්‍රශ්ණයක් තියෙනවා, පුලුවන් අය ආධාර කරන්න කියලා සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිතුමිය කියලා තියෙනවා.

කිසිම ප‍්‍රශ්ණයක් නෑ කියලා ආණ්ඩුව කිව්වට, බංගලාදේශයෙන් ඩොලර් මිිලියන දෙසීයක ණයක් ගන්නවා. එහෙම ණය අරගෙනවත් එන්නත් කරණය නොකළත් වාහන මිලදී ගන්න, අධිවේගී මාර්ග හදන්න ආණ්ඩුව මුදල් වෙන් කරනවා.

එන්ත් ලබාදීම ගැන තීන්දු ගන්න ඔ්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා. සෞඛ්‍ය අංශ විසින් එන්නත් ලබාදීම ගැන තීන්දු ගත යුතු වුවත් දැන් මේවාට දේශපාලඥයින් මැදිහත්වෙනවා. මොරටුවේ නගරාධිපතිවරයා එක පැත්තකින් ටිච් ක‍්‍රමයට එන්නත් ගහන්න යනවා. ඒ විතරක් නෙමෙයි කුරුණෑගලත් චිට් කෑල්ලට බෙහෙත් ගහන්න යනවා.

මේ ආණ්ඩුව මිනිස්සුන්ගේ ජීවිත බිල්ලට දීලා දේශපාලනය කරන්න යනවා. රුපියල් පන්දාහ බෙදීමේදීත් දේශපාලනය කරනවා. එන්නත විදීමේදීත් දේශපාලනය කරනවා.

පොලීසියේ නිලධාරීන්ට ගහන්න දුන්න එන්නත් ටිකත් අමාත්‍යාංශයේ ලයිස්තුව කියලා දේශපාලඥයින්ගේ ලයිස්තුවකට එන්නත් ලබාදීලා. ලොකු ලොකු වාහනවලින් එන මුදලාලිලාට එන්නත් ගහලා තියෙනවා. කාසල් රෝහලේත් දේශපාලන ලයිස්තුවකට එන්නත් ගහලා තියෙනවා. ලැජ්ජයි.

ලෝකයේ බොහෝ රටවල් සෞඛ්‍ය අංශය වගේ ඉදිරිපෙළ අංශවලට ප‍්‍රමුඛතාවය දුන්නා. ඊට පස්සේ වයස් ඛාණ්ඩ අනුව තමයි එන්නත් කරණය කළේ. ලෝකයේ කිසිම රටක් මේ විදියට චිට් ක‍්‍රමයට එන්නත් ලබාදුන්නේ නැහැ. වහාම ආණ්ඩුව එන්නත් ලබාදීම දේශපාලනීකරණය නොකර සෞඛ්‍ය අංශවල නිර්දේශ අනුව එන්නත් කරණය කිරීමට වගබලාගත යුතුයි.

Share with your friends :