ශ්රී ලංකාව තුළ කොරෝනා වෛරසය වේගයෙන් පැතිරී යාම කිරීම හේතුවෙන් ශ්රී ලංකාවේ සංචාරය කිරීම වහා අත්හිටුවන්නැයි ඇමරිකා එක්සත් ජනපදය එරට පුරවැසියන්ට අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර ඇත.
ශ්රී ලංකාවට ත්රස්ත ප්රහාරයක් සිදුවිය හැකි බවත් සංචාරකයන් ගැවසෙන ස්ථාන, සුපිරි වෙළඳසැල්, හෝටල්, ආගමික, ස්ථාන ගුවන්තොටුපළවල් ආදී පොදු ස්ථාන ත්රස්ත ඉලක්කය විය හැකි බවත් ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වෙයි.
මෙම තත්ත්වය මත හදිසි තත්ත්වයක් මතු වුවහොත් ශ්රී ලංකාවේ ඈත ප්රදේශවල සිටින ඇමරිකානුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අපහසුතාවයන් පැන නගිනු ඇති බවත් ඒ අනුව ආරක්ෂාකාරී පියවරක් ලෙස ශ්රී ලංකාවේ සංචාරය කිරීම අත්හිටුවන ලෙසත් ඔවුන් දැනුම් දෙයි.