27 C
Colombo
24/09/2024

සජිත්ට ආශ්‍රිත වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස් දෙනකු සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ගවලට

Share with your friends :

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආශ්‍රිත වූ බවට හඳුනා ගැනුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස් දෙනකුට සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ගවලට යොමුවන්නැයි දැනුම් දුන් බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

මෙයට අමතරව විපක්ෂ නායකවරයාට ආශිතවු පාර්ලිමේන්තු සේවකයන් දෙදෙනකු නිරෝධායනයට යොමු කළ බවද වේත්‍රධාරිවරයා කියයි .

මෙම මන්ත්‍රීවරුන් පහළොස් දෙනා සහ සේවකයන් දෙදෙනා විපක්ෂ නායකවරයාට ආශ්‍රිත වී ඇතැයි හඳුනා ගැනුණේ පාර්ලිමේන්තුවේ සීසීටීවී කැමරා දත්ත පරීක්ෂා කිරීමේදීය .

විපක්ෂනායකවරයා ඔහුගේ කාර්යාලයේ දීද රැස්වීම් කිහිපයකට සහභාගී වී තිබූ අතර එම රැස්වීම්වලදී ආශ්‍රිත වූ පිරිස් සොයාගෙන ඒ අය සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි එහි ප්‍රධානීන්ට දැනුම් දුන් බව වේත්‍රධාරි කාර්යාලය පවසයි .

Share with your friends :