27 C
Colombo
23/09/2024

සංචරණ සීමා ලබන ජූනි 7 වැනි දා තෙක් දීර්ඝ කෙරේ

Share with your friends :

දැනට පනවා ඇති සංචරණ සීමා ලබන ජූනි 7 වැනි දා තෙක් දීර්ඝ කිරීමට රජය තිරණය කර ඇත.

එසේ වසා දමා ඇති කාලය තුළ දින තුනක් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදි ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කර දීමට රජය පියවරගෙන ඇත.

ඒ අනුව හෙට 25 අලුයම 4.00 සිට පස්වරු 11.00 තෙක් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට සංචරණ සීමා ලිහිල් කිරීමට කටයුතු යොදා ඇත.

නැවත හෙට රාත්‍රී 11.00 සංචරණ සිමා පනවන අතර එය 31 වැනි දා අලුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා සංචණ සීම නැවත ලිහිල් කරන අතර එම කාලය තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලබාදේ. ජුනි 4 වැනි දා ද ඒ ආකාරයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදි ගැනීමට පමණක් සංචරණ සීමා ලිහිල් කරන බව ද රජය කියයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදි ගැනීමට ළඟම ඇති නගරයට හෝ ගමේ කඩයට යාමට අවස්ථාව ලබා දී ඇති බවත් රථවාහනවලින් ගමන් බිමන් යාමට අවස්ථාව ලබා නොදෙන බව ද රජය නිවේදනය කරයි.

මේ දිනවල සංචරණ සීමා ඉවත් නොකරන බවත් එය යම් තරමක ලිහිල් කිරීමක් පමණක් සිදු කරන බවත් රජය පවසයි.

Share with your friends :