27 C
Colombo
18/01/2025

ශ්‍රීලංකා ටෙලිකොම් ඉහලම ප්‍රධානියකු CID පරීක්ෂණවලින් ගැලවෙන්න අධ්‍යාපන සංචාරයක

Share with your friends :

ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයේ ඉහලම ප්‍රධානියකු රටින් පැනයාමට සුදානමින් පසුවන බව ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයේ සේවකයෝ පවසති. පසුගිය යහපාලන රජය සමයේ ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමේ සිදුවූ බව කියන වංචා කීපයක් සම්බන්ධයෙන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදු කරගෙන යන අතර ඒවා බොහෝමයකට ඍජුව වගකිව යුතු තැනැත්තා වන්නේ මොහු බව සඳහන්ය. මොහු අධ්‍යාපන කටයුතු සඳහා යයි පවසමින් වසර තුනක නිවාඩු ලබා ගෙන තිබේ. මොහු අදාළ පරීක්ෂණ වලින් ගැලවීම සඳහා මෙම අධ්‍යාපන ගමන නිර්මාණය කර ගත් බව පැවසේ. මේ තැනැත්තා සම්බන්ධයෙන් දැනට කර ගෙන යන පරීක්ෂණ වලදී මොහු අයතා ලෙස උපයාගෙන ඇති වත්කම් සම්බන්ධයෙන්ද තොරතුරු ලැබී තිබේ. මොහු සතුව කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල සුපිරි නිවාස සංකීරණ වල නිවාස හතරක් ඇති බව පැවසේ. එසේම ඔහු ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයේම සේවය කරන තම ලාබාල පෙම්වතිය සඳහාද දෙහිවල හා ගල්කිස්ස අතර සුපිරි නිවාසයක්ද මිලදී ගෙන ත්‍යාගයක් ලෙස ඇයට ලබා දී තිබේ.
නවසීලන්තයේ ද්විත්ව පුරවැසිභාවය හිමි මෙම ඉහල නිලධාරියා ගේ තුන් වසරක අධ්‍යාපන ගමන සඳහා ආසියානු රටක් තෝරා ගෙන ඇත. ඔහුගේ පෙම්වතියද මෙම ගමන සඳහා එක්වන බව සඳහන්ය

Share with your friends :