27 C
Colombo
23/09/2024

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ජීප් රථ ගෙන්වීමේ තීරණය අත්හිටුවයි

Share with your friends :

වාහන ආනයනය කිරීමට ගෙන තිබූ තීරණය නොතකා නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භාවිතය සඳහා ජීප් රථ ප්‍රමාණයක් සහ වෙනත් අවශ්‍යතා සඳහා තවත් වාහන සීමිත ප්‍රමාණයක් ආනයනය කිරීමට ආණ්ඩුව ගෙන තිබු තීරණය අත්හිටුවා තිබේ.
අදාළ තීරණය කැබිනට් මණ්ඩලය විසින් ගෙන ඇති අතර අගමැතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කැබිනට් මණ්ඩලයේදී වාහන ‍ගෙන්වීම අත්හිටුවීමට තීරණය කළ බවයි.
පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් සඳහා ජීප් රථ 50 ක් ආනයනය කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබිණි.
දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් පවරා ඇති වගකීම් සහ ක්ෂේත්‍ර ආවරණය කිරීම සඳහා මෙම ජීප් රථ ලබාදීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සුඛෝපභෝගී වාහනයක් ලබා ගැනීම සඳහා තීරුබදු රහිත බලපත්‍රයක් ලබාදෙන නමුත්, රටේ පවතින වාතාවරණය හේතුවෙන් වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට අදාල බලපත්‍රය ලබාදීම අත්හිටුවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබිණි.

Share with your friends :