27 C
Colombo
19/01/2025

කොරෝනා එන්නත් දී නැත්තේ වෛද්‍යවරුන්ගේ ගෙවල්වල බල්ලන්ට විතරයි-ආනන්ද හිමි

Share with your friends :

මේ වන විට කොවිඩ් එන්නත් දීලා නැත්තේ ර‍ජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන්ගෙ ගෙවල්වල ඉන්න බල්ලන්ට පමණක් බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ චෝදනා කරති.
මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවිධිමත්, අදූරදර්ශී වැඩපිළිවෙල හේතුවෙන් කොවිඩ් වසංගත මර්දනය සම්පූර්ණයෙන් අඩාල වී ඇති බව පවසන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සෞඛ්‍ය අමාත්‍යවරිය කරන දේ ලේකම්වරයා නොදන්නා බවත්, ලේකම්වරයා කරන දේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නොදන්නා බවත් අධ්‍යක්ෂ ‍ජනරාල්වරයා කරන දේ ඊට පහළින් සිටින නිළධාරීන් නොදන්නා බවත් පවසති.

මෙම තත්වය මත සෞඛ්‍ය අමාත්‍යංශය යනු ලෙඩ සුව කරන තැනක් නොව ලෙඩ බෝ කරන තැනක් බවට පත්ව ඇති බවද , මෙවැනි ව්‍යාකූල තත්වයක් ඇතිව තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයට අවශ්‍ය ආකාරයට කටයුතු කිරීම නිසා බවත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ අදූරදර්ශී, පහත් වැඩපිළිවෙල සම්බන්ධයෙන් වෛද්‍යවරුන් විසින්ම තමා වෙත දැනුම් දී ඇති බවත් මුරුත්තෙට්ටුවේ හිමි පෙන්වා දෙති.

විශේෂයෙන්ම දැනට ක්‍රියාත්මක එන්නත්කරණ ක්‍රියාවලියට රජයේ වෛද්‍ය නිළධාරීන්ගෙ සංගමයෙන් දැඩි බලපෑමක් සිදුවන බවත්, එම සංගමයේ සාමාජික වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයන් සියලු දෙනාටම එන්නත් ලබා දීලා , මේ වෙනකොට එන්නත් දීලා නැත්තේ ර‍ජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන්ගෙ ගෙවල්වල ඉන්න බල්ලන්ට විතරයි,
‘මේ ගැන සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඇහුවම එයා කියන්නෙ එහෙම දෙයක් නෑ කියලා. වසංගතය බරපතල ලෙස ව්‍යාප්ත වෙලා තියන බස්නාහිර පළාතෙ සියලුම සෞඛ්‍ය සේවකයන්ට, එයාලගෙ පවුල්වල අයට එන්නත් දෙන්න තමයි තීරණය කරලා තියෙන්නෙ. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මේ තීරණය අවභාවිතා කරලා ලංකාව පුරා එයාලගෙ සංගමයෙ සාමාජිකයන්ගෙ පවුල්වල අයට එන්නත් ගහගන්නවා. දැං ඉතිං අපිට කියන්න තියෙන්නෙ වෛද්‍යවරුන්ගෙන් හැමදේම කරගන්න කියලා අනිත් සෞඛ්‍ය සේවකයන් රෝහල්වලින් ඉවත් කරනවා කියලා තමයි. එතකොට බලන්න පුලුවන් මෙයාලා වැඩ කරන හැටි.’ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වැඩිදුරටත් සඳහන් කළහ.

Share with your friends :