27 C
Colombo
24/09/2024

ආණ්ඩුවේ ප්‍රතිපත්ති අමු අමුවේ කඩමින් ලංකා විදුලි බල මණ්ඩලය විදෙස් ගනුදෙනුවල

Share with your friends :

ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඩොලර් මිලියන 34 ක් වැය කරමින් විදේශීය සමාගමකින් ERP එනම් ENTERPRICE RESOURCE MANAGEMENT SYSTEM මෘදුකාංගයක් මිලදී ගෙන තිබේ. දේශීය සමාගම් වලින් මෘදුකාංග මිලදී ගත යුතු බවට හා දේශීය සමාගම් සඳහා ප්‍රමුඛතාවය ලබා දිය යුතු බවට රජය තීරණය කර තිබියදී ලංකා විදුලි බල මණ්ඩලය මෙම මිලදී ගැනීම විදේශීය සමාගමකින් සිදු කර තිබේ. මේ සඳහා දේශීය වශයෙන් සේවකයන් යොදා ගත හැකිව තිබියදීත් ඒ සඳහා විදුලි බල මණ්ඩලය කටයුතු කර නොමැත.
විදුලි බල ක්ෂේත්‍රයේ ඉහලම නිලධාරිනියක් මේ සඳහා මැදිහත්වූ බවට චෝදනා එල්ලවී තිබේ. රජයේ ඉහලම නිලධාරියකුගේ සමීපතම හිතවතියක බව කියන මෙම නිලධාරිනිය පසුගිය කෙටි කාලය තුල විදුලි බල ක්ෂේත්‍රයේ සිදුවූ අතිශය සැකකටයුතු ගනුදෙනු රැසකට ඍජුවම සම්බන්ධ බව පැවසේ.
රටේ විදේශ විනිමය ගැටළු නිසා රජය දැඩි ආනයන සීමාකිරීම් සිදු කරමින් සිටිද්දී මෙම නිලධාරිනිය රජයට පාඩුදායක ගනුදෙනු වල නිරතවීම විශාල ගැටළුවක් වී තිබේ.

Share with your friends :