27 C
Colombo
23/09/2024

LOLC Finance සමාගම්වලට ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන්ගෙන් දින 2 කදී පොලිස් පැමිණිලි 14 ක්

Share with your friends :

LOLC Finance සහ එහි වෙනත් ව්‍යාපාරයන්ට අදාළව ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් විසින් ගත වූ දින 2 ක කාලයක් තුළ පොලිස් පැමිණිලි 14 ක් ගොනු කර තිබේ.

මැයි 20 සහ 21 යන දෙදින තුළ මෙම පැමිණිලි ගොනු කරනු ලැබුවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්ෂුද්‍ර මූල්‍ය වින්දිත කාන්තාවන් විසිනි. ඒ සඳහා නෙළුම්යාය පදනම විසින් නීතීඥ සහාය ලබා දී තිබේ.

මෙම පොලිස් පැමිණිලිවලින් සමහරක් ගොනු කිරීමට ගිය අවස්ථාවලදී LOLC සමාගමේ ණය එකතු කරන නියෝජිතයන් සහ ක්ෂේත්‍ර නිලධාරීන් වහාම එම පොලිස් ස්ථාන වෙත පැමිණි අවස්ථාවන් ගැන ද වාර්තා වේ. විශ්වාස කෙරෙන්නේ පොලිසිය තුළින්ම, සමාගමට විරුද්ධව පැමිණිලි ලැබී ඇති බවට තොරතුරු ඔවුන්ට ලැබෙන්නට ඇති බවයි. ඇතැම් අවස්ථාවලදී පොලිසිය පැමිණිල්ල සටහන් කර ගැනීමකින් තොරව සමාගම එම ස්ථානයට කැඳවා එය නීතියට පිටින් සමථ කිරීමට උත්සාහ කර ඇති අතර, එවැනි අවස්ථා නීතීඥවරයාගේ මැදිහත්වීම මත නතර කරගෙන තිබේ.

LOLC Finance Limited, LOLC Development Finance සහ BRAC Lanka Finance (LOLC සාමාජික) ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට වැඩි වශයෙන් වගකිව යුතු චූදිතයෙක් බවට පත් ව තිබේ. අධික පොලී අනුපාතික මෙන්ම, වාරික ඉල්ලා හිංසනවලට ලක් කිරීම ද මෙම ආයතනවල නියෝජිතයන් විසින් නිතරම සිදුකරන බවට පැමිණිලි රැසක් ලැබෙමින් තිබේ.

Share with your friends :