අද වන විට ශ්‍රී ලංකාව වෙනත් රටක ආධිපත්‍යයට යට කර අවසන් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.
වසර 450 ක පමණ කාලයක් බටහිර රටවල යටත් විජිතයක්ව පැවැති ශ්‍රී ලංකාව 48දී නිදහස ලබා ගැනීමෙන් පසු නැවතත් චීන කොලනියක් බවට පත් කර ඇතැයි ද ඇය චෝදනා කරයි.
චීන වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර ගනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවටද පිටින් යමින් බව ද ඇය පැවසුවාය.
එය නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී බවද ඇය පෙන්වා දෙයි.

previous post
next post