27 C
Colombo
23/09/2024

වරාය නගර පනත් කෙටුම්පතේ පාර්ලිමේන්තු ඡන්ද ප්‍රතිඵලය වෙනස් කරන්න බැහැ

Share with your friends :

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමේ ප්‍රතිඵලය කතානායකවරයා නිවේදනය කර අවසන් හෙයින් එහි කිසිදු වෙනසක් කිරීමට හැකියාව නොලැබෙන්නේ යෑයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
මේ අතර කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමේදී යම් අඩුපාඩුවක් සිදුවී ඇත්දැයි තමා සොයා බලන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
ඡන්ද විමසීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වීම නිසා තමා මෙම තීරණය ගත් බවද ඔහු කියයි.
මේ ඡන්ද විමසීමේදී ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ගේ ඡන්දය ගණනය වී නැති බවට චෝදනා එල්ල වී ඇත.එය ගණනය වූයේ නම් පනත් කෙටුම්පත තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත වන බව ආණ්ඩුවේ මන්ත්‍රීවරු පවසති.
පනත් කෙටුම්පතට ඡන්දය විමසන අවස්ථාවේදී තම තමන්ගේ ඡන්දය වැටී ඇති ආකාරය හොඳින් නිරීක්ෂණය කරන්නැයි තමා කීප වරක්ම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි බවත් එවැනි අවස්ථාවලදී මන්ත්‍රීවරුන් දැඩි සැලකිල්ලෙන් සිටියේ නම් මෙවැනි අඩුපාඩු වළක්වා ගත හැකි බවත් කතානායක වරයා පැවසුවේය.

Share with your friends :