27 C
Colombo
24/09/2024

සති දෙකකට රට වසන්න මම නිර්දේශ කරනවා – රජය කරයිද දන්නේ නැහැ

Share with your friends :

කොරෝනා වසංගතය රටම දැඩිව වෙළාගෙන ඇති තත්වයක් තුළ සති දෙකක කාලයක් සඳහාවත් රටම වසා තබන්නැයි ප්‍රජා වෛද්‍ය විශේෂඥවරියක් වශයෙන් තමන් නිර්දේශ කරන බවත් රජය එය ක්‍රියාත්මක කරයිද නැද්ද යන්න තමන්ට කිව නොහැකි බවත් කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
“දැන් කොරෝනා වසංගතය ඉතාමත්ම දැඩිව වෙළාගෙන තියෙන අවස්ථාවක්. විශේෂයෙන්ම අපි දකිනවා සංකූලතා තියෙන රෝගීන්ගෙ වැඩිවීමක්. රෝහල්වල විශාල තදබදයක් තියෙනවා. ඒවගේම ඔක්සිජන් අවශ්‍යතාවය දැඩිව දැනෙනවා. උපකරණ අවශ්‍යතාවය දැඩිව දැනෙනවා. දැන් ඊයෙත් 3500කට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් දෛනික දත්ත වාර්තා වෙනවා. මේ 3500 වාර්තා වෙන්නෙ අපි හොයාගන්න අය. හැබැයි සමාජයේ මීට වඩා රෝගීන් ඉන්න පුළුවන්. 3500 වාර්තා වෙනවා කියන්නෙ ඒවගේ තුන් ගුණයක් විතර සමාජයේ ඉන්න පුළුවන්. එතකොට මේ අයගෙන් සමාජය තුළ තවමත් පැතිරීම සිද්ධ වෙනවා”
අනිවාර්යයෙන්ම අපි නිර්දේශ කරන්නෙ සති දෙකකටවත් ජනතාව ගෙදරට කරලා තියන්න. මොකද එහෙම වුණොත් මේ රෝග පැතිරීම අපට පාලනය කරගන්න පුළුවන්. මේකෙ බීජෞෂණ සමය දවස් 2 ඉඳලා දවස් 14ක්. එතකොට මේ දවස් 14ක් ජනතාව අනිවාර්යයෙන් ගෙදරට වෙලා හිටියොත් ගෙදරට ලෙඩේ යන්නෙ නැහැ, ඒවගේම රෝගීන්ගෙන් එළියට ලෙඩේ යන්නෙත් නැහැ. එහෙම වුණොත් අපට චක්‍රය කඩාගන්න පුළුවන් කියලා විශේෂඥ වෛද්‍යවරියක් හැටියට, ප්‍රජා වෛද්‍ය විශේෂඥවරියක් හැටියට මම නිර්දේශ කරනවා” යැයි ඇමතිවරිය පැවසුවාය.
එවන් වසා තැබීමක් සඳහා රජය පියවර ගනු ඇතිදැයි විමසීමේදී ඇමතිවරිය පැවසුවේ “ඒක ගැන මට කියන්න බෑ. මම නිර්දේශ කරන්නෙ එහෙමයි” යනුවෙනි.

Share with your friends :