27 C
Colombo
24/09/2024

පෝට් සිටි පනතෙන් රටේ ස්වාධිපත්‍යය පවරා දීමක් සිදුවෙනවා-අනුර කුමාර දිසානායක

Share with your friends :

කොළඹ වරාය කොමිෂන් සභා පනතෙන් රටේ ස්වාධිපත්‍යය පවරා දීමක් සිදුවන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.

මෙය ශ්‍රී ලංකා ආර්ථික උපාය මාර්ගයේ කොටසක් නොවන බව පැවසූ දිසානායක මහතා චීන ලෝක දේශපාලන ව්‍යාපෘතියේ කොටසක් බවද ප්‍රකාශ කළේය.

ලෝක බල කඳවුරුවල ගොදුරු බවට පත් නොවී අප අපගේ උපාය මාර්ග සැලසුම් කළ යුතු බවද ඔහු පැවසුවේය.

Share with your friends :