27 C
Colombo
23/09/2024

කොවිඩ් පාලනයට රටම සති දෙකකට වසන්න – වෛද්‍ය සංගම් 4 ක් ඉල්ලයි

Share with your friends :

පවතින දැඩි කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා අවම දින 14ක් හෝ රටටම දැඩි සංචරණ සීමා පනවන ලෙස වෛද්‍ය සංගම් හතරකින් දැඩි ඉල්ලීමක් කර තිබේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ වෛද්‍ය අන්තර් විද්‍යාතන කමිටුව ඒකාබද්ධවයි මෙම ඉල්ලීම කර ඇත.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නේ මෙම තීරණය ආර්ථික වශයෙන් රටට බලපෑමක් ඇතිවන නමුත් මේ භාරදුර අවස්ථාවේ එය හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.
විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන අන්දමට මේ වනවිට රෝහල් තුළ වෙනත් රෝගීන් සඳහා ප්‍රතිකාර කෙරෙන වාට්ටුද මේ වනවිට කොවිඩ් 19 රෝගීන් සඳහා වෙන්කිරීමට සිදුව තිබෙන අතර දැඩි සත්කාර ඒකකද කොවිඩ් 19 රෝගීන්ගෙන් පිරී ගොස් තිබේ.
එමෙන්ම දැඩි සත්කාර ඒකකවල වැඩි දෙනෙක් වෙත ඔක්සිජන් ලබාදීමට ද සිදුව තිබෙන බවද ,මේ වන විට දිනකට රෝගීන් 3000ක් පමණ හඳුනා ගැනීමෙන් පෙන්නුම්කරන්නේ ඊට වඩා තුන්ගුණයකින් එනම් 10,000ඉක්මවා රෝගීන් සිටින බව යැයිද යි පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරයි.
එම නිසා පවතින මෙම බරපතල තත්ත්වය පාලනය කර ගැනීම සඳහා දින 14කට හෝ රට වසනවා හැර වෙනත් විකල්පයක් නොමැති අතර මේ තත්ත්වය වටහා ගන්නා ලෙසද ඇය රජයෙන් ඉල්ලා සිටියාය.

Share with your friends :