27 C
Colombo
24/09/2024

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ විදේශීය සමාගමක නීතීඥවරියක්

Share with your friends :

රජය විසින් පාර්ලිමේන්තුවට මුලින්ම ඉදිරිපත් කළ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ රජයේ නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් නොව විදේශීය සමාගමක සේවය කරන නීතීඥවරියක් විසින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සාමාන්‍යයෙන් පනත් කෙටුම්පතක් සකස් කළයුතු වන්නේ රජයේ නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් බව පෙන්වා දුන් ඒ මහතා එසේ කටයුතු සිදු කළේ නම් මෙතරම් වැරදි සංඛ්‍යාවක් සහිතව මෙම කෙටුම්පත සකස් වීමට අවස්ථාවක් නොමැති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය අනුව මෙම මුල් පනත් කෙටුම්පතෙන් 34.6%ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව ඔප්පු වී ඇති බවත් ඒ මහතා සිහිපත් කළේය.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ අද (20) පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට එක් වෙමිනි.

Share with your friends :