27 C
Colombo
24/09/2024

නව නීතිපතිවරයා ලෙස සංජය රාජරත්නම් පත්කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය

Share with your friends :

නව නීතිපතිවරයා ලෙස වත්මන් වැඩබලන සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා පත්කිරීමට පාර්ලිමේන්තු සභාව අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව වත්මන් නීතිපති දප්පුල ලිවේරා මහතා ධුරයෙන් විශ‍්‍රාම යාමෙන් පසු ඒ මහතා නව නීතිපති ලෙස කටයුතු කරනු ඇත.
පාර්ලිමේන්තු සභාව එහි සභාපති කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (20)පෙරවරුවේ රැස් විය .
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා නැවත පත් කිරීම සඳහා එවා තිබූ නිර්දේශයකටද පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිවිය.
මෙයට අමතරව පාර්ලිමේන්තු සභාව අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සාමාජික පුරප්පාඩුව සඳහා ජයන්ත ශාන්ත කුමාර වික්‍රමරත්න මහතාගේ නමද හානිපූරණය සඳහාවන කාර්යාලයේ සාමාජික පුරප්පාඩුව සඳහා විශ්‍රාමික මේජර් ජනරාල් ඩබ්ලිව් පී පී ප්‍රනාන්දු මහතාගේ නමද එහිදී යෝජනා කළ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. මෙම පාර්ලිමේන්තු සභා රැස්වීමට අගමැති මහින්ද රාජපක්ෂ ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ,අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරුද සහභාගි වූහ .

Share with your friends :