27 C
Colombo
25/09/2024

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානය ජුනි මාසයේ

Share with your friends :

කොරෝනා වසංගත තත්ත්වය යටතේ ක්‍රියාත්මක කළ හැකි එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන යෝජනා සියල්ලක්ම ජුනි මාසයේ ආරඹන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා සියලු සෞඛ්‍ය විධි විධාන අනුගමනය කරමින් පක්ෂයේ දේශපාලන ව්‍යාපාරය අරඹන ලෙස ද රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස්වල වැඩිදුරටත් සඳහන්ය.

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහන යටතේ පක්ෂ ප්‍රචාරක ව්‍යාපාරය මුළුමනින්ම ක්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේය.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එජාප ප්‍රතිසංවිධාන වැඩසටහන සැකසිණි.

Share with your friends :