27 C
Colombo
26/11/2024

වරාය පනතේ සංශෝධන යෝජනා කල්තියා ලබාදෙන්න

Share with your friends :

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට අදාළව රජය ඉදිරිපත් කර ඇති සංශෝධන යෝජනා කල්තියා ලබාදෙන්නැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් කළේය.

නව සංශෝධන රැසක් එකතු කිරීමට ඇති හෙයින් ඉදිරියට එන්නේ අලුත්ම පනතක් නිසා අපට මෙම සංශෝධන කල්තියා දැන ගැනීමට අයිතියක් තිබෙන බවද දිසානායක මහතා ප්‍රකාශ කළේය.

එම සංශෝධන සියලුම මන්ත්‍රීවරුන්ට අදම ලබා දෙන්නැයි ද ඔහු ඉල්ලීමක් කළේය .

මෙහිදී අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පැවැසූවේ එම සංශෝධන මන්ත්‍රීවරුන්ට කඩිනමින්ම ලබා දීමට කටයුතු කරන බවයි.

Share with your friends :