මෙරටට පැමිණෙන සියලු මගී ගුවන් යානා 21 දා සිට දින 10 ක කාලයකට තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය කියයි.
ඒ අනුව 21 දා මධ්‍යම රාත්‍රියේ සිට ලබන 31 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා මෙරටට පැමිණෙන සියලුම මගී ගුවන් යානා ගුවන්තොටුපළවල් වෙත ගොඩබැස්සවීම අත්හිටුවා ඇත.
පවතින කොවිඩ් අවදානම සැළකිල්ලට ගනිමින් රජය මෙම පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත් මෙරටින් පිටත්ව යන මගී ගුවන් යානා සඳහා මෙම තහනම බලනොපැවැත්වෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.