27 C
Colombo
22/01/2025

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ එම්.ආර්.අයි සහ සීටී ස්කෑන් නවතී

Share with your friends :

ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ විකිරණවේදීන් 13 දෙනකුට කොවිඩ් 19 වයිරසය අසාදනය වීම නිසා හදිසි අනතුරු අංශයේ එම්. ආර්.අයි සහ සීටී ස්කෑන් අංශ වසා දමා ඇත.
මේ වනවිට දිවයින පුරා රජයේ ‍රෝහල්වල සේවය කරන විකිරණවේදීන් 18 දෙනෙක් කොවිඩ් 19 වයිරසයට ගොදුරුවී ඇතැයි ද එයින් 13 දෙනෙක්ම ජාතික රෝහලේ විකිරණවේදින් වෙති.
මේ වනවිට ජාතික රෝහලේ විකිරණ ශිල්පී අධිකාරිවරයා ද මෙම රෝගයට ගොදුරුව තිබේ.විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් අවශ්‍ය ප්‍රමාණයෙන් මේ වනවිට රෝහල්වල සිටින්නේ සියයට පණහක ප්‍රමාණයක් පමණි.
රජයේ සේවයේ ගැබිණි මවුවුරුන් සේවය නොකැඳවන ලෙස සඳහන් චක්‍රලේඛයක් පවා නිකුත්ව තිබියදී පොලොන්නරුව ‍රෝහලේ සේසවය කරන ගැබිණි විකිරණ තාක්ෂණවේදිනියකට සේවයට එන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා බල කර ඇත.

Share with your friends :