27 C
Colombo
22/01/2025

ආණ්ඩුව තවත් ශක්තිමත් කර ගන්න ජාතික ආණ්ඩුවක් ගැන කතා බහක්

Share with your friends :

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලිකත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක්ම පසුගිය සති කිහිපය තුළ පවත්වා තිබේ.
ආණ්ඩුවේ කුඩා පක්ෂ කිහිපයක් ඉදිරියේදී ආණ්ඩුවෙන් ඉවත්වීමට හෝ ස්වාධීනව කටයුතු කිරීමට තීන්දු කළහොත් විපක්ෂයේ කුඩා පක්ෂ කිහිපයක් ආණ්ඩුවට එකතු කරගනිමින් මෙම ජාතික ආණ්ඩුව පිහිටුවීමට බලධාරීන්ගේ අවධානය යොමුව ඇත. දැනට ජනතාව තුලින් ආණ්ඩුවට එරෙහිව නැගෙන විරෝධය සමනය කර ගැනීමද මෙහි එක අරමුණකි.
එහෙත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ජාතික ආණ්ඩුවක් නිර්මාණය කල හැකි වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකදී වැඩිම ඡන්ද ලබා ගත පක්ෂ දෙකේ එකතුවෙන් පමණි.

විශේෂයෙන් කොවිඩ් වසංගත තත්වයට සහ එහි ආර්ථික අවපාතයට මුහුණ දීම සඳහා පූර්ණ දේශපාලන එකඟතාවක්, දේශපාලන පක්ෂ අතර සංහිඳියාවක් වෙනුවෙන් තමන් විවෘත ආරාධනයක් සෙසු පක්ෂවලට කළ බවට හැඟවීමට ආණ්ඩුවට මේ ඔස්සේ අවස්ථාව හිමිවන අතර ආණ්ඩුව අභ්‍යන්තරයේ සිටිමින් ගැටළු ඇතිකරන පාර්ශව වලට පාඩමක් ඉගැන්වීමද මෙහි එක බලාපොරොත්තුවකි.

එසේම ජාතික ආණ්ඩුවක් පිහිටු වුවහොත් කැබිනට් ඇමතිකම් සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ නැංවීමට හැකියාව ලැබෙන අතර ඒ ඔස්සේ ද ආණ්ඩුව තුළ කළකිරීමෙන් පසුවන මන්ත්‍රීවරුන්ගේ සහාය යළි දිනාගැනීමට බලධාරීන්ට හැකි වනු ඇත. කෙසේ වෙතත් මේ අවස්ථාවේ රට තුල ඇති ආණ්ඩු විරෝධය තවත් ඇමතිකම් ඇති කළහොත් දෙගුණ තෙගුණ වියහැකි බවටද බොහෝ පාර්ශ්ව පවසා තිබේ.

කෙසේවෙතත් පසුගිය සති කිහිපය තුළ පැවති සාකච්ඡා සඳහා විපක්ෂයේ සුළු ජාතික පක්ෂ නියෝජනය කරමින් නියෝජිතයින් කිහිප දෙනෙකුම සහභාගී වී ඇති බවත් ජාතික ආණ්ඩු යෝජනාවට ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇත.

Share with your friends :