ලක්සල හා සළුසල ආයතනවල සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
ඔහු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද ඔහු කටයුතු කළේය.
වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වූ ඒ මහතා ලොස් ඇන්ජලීස් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්, රජයේ වානිජ නීතිගත සංස්ථාවේ සභාපති, ප්‍රමිති ආයතනයේ සභාපති ආදී තනතුරු ද හොබවා තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැගෙනහිර කොළඹ සංවිධායකවරයා ලෙස ද කටයුතු කළ ඒ මහතා හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සම්බධීකරණ නිලධාරියා ලෙස මෙන්ම හිටපු ඇමති ටිරෝන් ප්‍රනාන්දු මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස ද කටයුතු කර ඇත. ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.