27 C
Colombo
19/01/2025

ශ්‍රී ලංකාව තුළ කොරෝනා තත්වය දරුණු අතට පත්වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

Share with your friends :

ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් ඉහළ යාම නිසා රට තුළ තත්වය දරුණු අතට පත්වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියි.

එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් රෝහල් ගත කිරීම් වල වැඩිවීමක් ශ්‍රී ලංකාවේ පවතින බවයි.

ලෝකයේ හදිසි අවශ්‍යතා සහිත රටවල් අතරට ඉන්දියාවට අමතරව නේපාලය, ශ්‍රී ලංකාව, වියට්නාමය, කාම්බෝජය, තායිලන්තය සහ ඊජිප්තුව ඇතුලත් වන බවද ඔහු කියා සිටී.

දැනට කොරෝනා පාලනය සදහා ඇති එකම ක‍්‍රමය වන්නේ එන්නත්කරණය හා නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම පමණක් යැයිද ඔහු තව දුරටත් පවසයි.

Share with your friends :