රෝහල් පද්ධතියට අවශ්‍ය ඔක්සිජන් සපයා ගැනීමට සහ දැඩි සත්කාර ඒකක ධාරිතාවය වැඩිකර ගැනීමට ආධාර කරන්නැයි මෙරට දානපතියන්ගෙන් ඉල්ලා සිටින බව කොවිඩ් පාලන අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
“අපේ රටේ අපෙ දානපතියන්ගෙන් ඉල්ලනවා මේ වැඩපිළිවෙලට අවශ්‍ය සහයෝගය ලබාදෙන්න. මොකද රෝහල් පද්ධතියට අවශ්‍ය වෙලා තියෙනවා ඔක්සිජන් සපයා ගන්න. ඒවගේම ICU ධාරිතාවය තව වැඩිකරද්දී වෙන්ටිලේටර්ස්වල අවශ්‍යතාවය තියෙනවා, උපකරණවල අවශ්‍යතාවය තියෙනවා. එනිසා අපි ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලනවා දානපතීන්ට මේ අවස්ථාවෙදි සෞඛ්‍ය අමාත්‍යාංශයට, විශේෂයෙන්ම තමන්ගෙ ප්‍රදේශවල ඒ රෝහල් එක්ක එකතුවෙලා ඒ අවශ්‍ය කරන උපකරණ ගන්න පුංචි හෝ ආධාරයක් කරලා ඒ සේවාව ශක්තිමත් කරගන්න අපට සහයෝගයක් දෙන්න කියලා”