27 C
Colombo
17/11/2024

කොරෝනා වසංගතයේදී මාධ්‍ය හැසිරීම ගැන වෛද්‍යවරුන්ගෙන් හෙළිදරව්වක්

Share with your friends :

මෙතරම් බරපතල ලෙස කොරෝනා වසංගතය පැතිර ගොස් රට තීරණාත්මක තත්වයකට පත්ව ඇති අවස්ථාවක ඇතැම් ජනමාධ්‍ය ආයතනවල හැසිරීම සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බව වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි. සාමාන්‍ය ජනතාවගේ සංචරණය හැකිතරම් සීමා කිරීම සඳහා මත්පැන් හල් වසා දමන්නැයි යෝජනා කළ විට ඉන් ඇතැම් මාධ්‍ය ආයතනවලට රිදී ඇති බවත් බාර් වසන්නැයි කිවූ පමණින් ඔවුන්ට කතුවැකි ලියා ගැනීමට නොහැකි වී ඇති බවත් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි .

මාධ්‍ය හරහා ‍සෞඛ්‍ය සේවකයන් නිග්‍රහයට පත් කිරීමට, ඒ හරහා ඔවුන්ගේ ආර්ථික අරමුණු ඉෂ්ට කර ගැනීමට උත්සාහ දරමින් සිටින බව චෝදනා කරන නවීන් ද සොයිසා මහතා කොරෝනා වසංගතය ආරම්භයේ පටන් මාධ්‍ය ආයතනවල සහ ඇතැම් මාධ්‍යවේදීන් හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සියලු තොරතුරු එක්රැස් කරගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් අනාගතයේදී ප්‍රදර්ශනයක් මගින් සමාජය දැනුවත් කිරීමට කටයුතු කරන බවත් කියා සිටී.

වසංගත තත්වය වර්ධනය කරගෙන, රෝගීන් වැඩි කරගෙන තෘප්තිය ලබන මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් විස්තරාත්මක හෙලිදරව්වක් ඉදිරියේදී සිදු කරන බවද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.

Share with your friends :