27 C
Colombo
20/01/2025

ලිට්‍රො ගෑස් වෙතින් නල මඟින් නිපදවන දහන වායු සැපයුම්

Share with your friends :

දිවයින තුළ ගෑස් පරිභෝජනය සඳහා අවශ්‍ය සැපයුම් ඉහළ නංවාලීමේ අරමුණින් දහන වායු සැපයුම් ඒකක (pipe-borne LPG supply) හඳුන්වාදීමට ලිට්‍රො ගෑස් සමාගම කටයුතු කර තිබේ.

මෙමඟින් පාරිභෝගිකයින් ගේ ගෑස් පරිභෝජනය සඳහා අවශ්‍ය උසස් තත්ත්වයේ සැපයුම් ලබා ගැනීමට හැකිවනු ඇති බව ලිට්‍රො ගෑස් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් කොස්වත්ත මහතා පැවසීය.

එමෙන්ම මෙමඟින් බලශක්ති කාර්‍යක්ෂමතාව ඉහළ නංවනු ඇති බව ද හෙතෙම අවධාරණය කළේය.

මෙම නව ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සෞඛ්‍ය, ආරක්ෂාව සහ පරිසරය / වෘත්තීය ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ජයන්ත බස්නායක මහතා ප්‍රකාශ කළේ මෙමඟින් පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව සහ පහසුව වැඩි දියුණු කරනු ඇති බවයි.

නල මාර්ගයක් හරහා සිදුකරන දහන වායු සැපයුම ගෝලීය දහන වායු මෙහෙයුම් වලදී යොදා ගන්නා සම්මත ක්‍රියා පටිපාටිය බව පෙන්වා දෙන ඒ මහතා අවධාරණය කරනු ලැබුවේ, එම යාන්ත්‍රණය ශ්‍රී ලංකාවටද හඳුන්වා දීමට ලිට්‍රො ගෑස් කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම නල මාර්ග ක්‍රියාකාරීත්වය සඳහා දහන ඉන්ධන කර්මාන්තයට විශේෂිත උපකරණ, උපාංග සහ ස්ථාපනයන් යෙදවීමට ද සමාගම කටයුතු කරනු ඇත.

ලිට්‍රො ගෑස් සමාගමේ විකුණුම් හා අලෙවිකරණ අධ්‍යක්ෂ ජනක පතිරත්න මහතා ප්‍රකාශ කර සිටියේ ඉල්ලුමට අනුව දහන වායු සැපයුම අඛණ්ඩ කිරීම සහතික කරන බවත් ගනුදෙනුකරුවන්ට කිසිදු බාධාවකින් තොරව, සිය නිවසේ දොරකඩ වෙතම මෙම සේවාව ලබා දීමට කටයුතු කරන බවත් ය.

වසර 150 ක තරමු අතීතයට දිව යන ලිට්‍රො ගෑස් සමාගම ලංකාව සතු උරුමයේ විශේෂාංගයක් වන්නේ සියවසකට අධික කාලයක් මුළුල්ලේ පාරිභෝගිකයන් හට ගෑස් නල පද්ධතීන් ලබා දීමට කටයුතු කර තිබීමයි. එම ස්ථාපනයන් එවකට කරනු ලැබුවේ ලිට්‍රො ගෑස් සමාගමේ පූර්වගාමියා වූ සිලෝන් ගෑස් සහ ජල සමාගම විසිනි.

වර්තමානයේ පාරිභෝගික ඉල්ලුම සමඟ බලශක්ති ක්ෂේත්‍රයේ ගතිකතාවයන් වෙනස් වන විට, වෙනස්වන අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය වෙනස්වීම් හා පරිවර්තනයන් සිදු කිරීමට ලිට්‍රො ගෑස් සමාගම දැඩි ලෙස කැපවී සිටී.

රජය සතු සමාගමක් වශයෙන් එහි කටයුතු සඳහා මුදල් හිඟතාවයකින් යුතු රජය රටේ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා විශාල ආයෝජනයන් කිරීමට කටයුතු කළ බවත්, එය ඇමරිකානු ඩොලර් බිලියන ගණනින් යුක්ත බවත් සඳහන් වේ. මෙම ආයෝජන අතර ගෑස් නල මාර්ග සහ දහන වායු පර්යන්ත ඇතුළත් වේ.

Share with your friends :