27 C
Colombo
19/01/2025

ආණ්ඩුවේ සැෂේ පැකට් තහනම ඉවත් කරගන්න සමාගම් ඇමති පස්සේ …

Share with your friends :

ග්‍රෑම් 24 ෂැම්පු සැෂේ පැකට් නිෂ්පාදනයට අවසර දෙන්නැයි ඉල්ලා ප්‍රකට බහු ජාතික සමාගමක් තමන් හමුවී කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
එම සමාගම විසින් ග්රෑම් 20 ට අඩු සැෂේ පැකට් නිපදවීම තහනම් බවට පවතින නීතිය ‍නොසලකා ග්‍රෑම් 24 බැගින් වන සැෂේ පැකට් මේ වනවිටත් වෙළඳ පොළට නිකුත් කර ඇත.
රටේ පවතින නීතියට අනුගත වෙමින් කටයුතු කරන්නැයි තමන් එම සමාගමේ නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටි බව කී අමරවීර මහතා රටේ වැව්,ගංගා, ඇළදොළ ආදි ජල පද්ධතියට විශාල හානියක් මෙම හිස් සැෂේ පැකට් පරිසරයට මුදා හැරීම නිසා සිදුවන බවත් නීතිය පනවන ලද්දේ නිෂ්පාදන සමාගම් අකර්මණ්‍ය කිරීමට නොව ‍‍ පරිසරය සුරැකීම හා මහජන සෞඛ්‍යාරක්ෂාව සඳහා බවත් ඔවුන්ට පැහැදිලි කර දුන් බව ද කීය.
කෙසේ වෙතත් ආණ්ඩුවේ සැෂේ පැකට් නීතිය නිසා ජනතාවට දැඩි දුෂ්කරතා ඇතිවී තිබේ. විශේෂයෙන්ම කොරෝනා හේතුවෙන් දැඩි ආර්ථික දුෂ්කරතා වලින් ජනතාව පීඩාවට පත්ව සිටින මේ මොහොතේ මෙවන් නීති ගෙන එම නිසා ජනතාව දැඩි අපහසුවට පත්ව සිටිති.
මේවා ගංගාවන්ට දැමීම නැවත්වීම සඳහා ඒවා අලෙවිකරණ සමාගම් සම්බන්ධ කරගෙන කිසියම් වැඩපිළිවෙලක් දියත් කරනු වෙනුවට එම පැකට් තහනම් කිරීම විහිළුවකි. ලොව ධනවත් රටවල පවා සැෂේ පැකට් අලෙවියට ඇති අතර ඒවා විසිකරන්නට සෑම තැනම පාහේ කුණු එකතු කරන බාස්කට් තබා ඇත. අපේ රටේ ජනතාවට කුණු දමන්නට ස්ථාන රජය විසින් සුලභ කර නොමැති අතර කුණු දමන පිරිස් අත්අඩංගුවට ගන්නට පොලීසිය යොදවා තිබේ. පරිසර අමාත්‍යංශය පසුගිය කාලය තුල ජනතාවගේ පහසුව සඳහා කටයුතු කරනු වෙනුවට මෙවැනි නීති පනාවේම හරහා රජය ජනතාව අතරේ අප්‍රසාදයට පත් කෙරෙන ආකාරයේ තීරණ ගනිමින් සිටිනු පෙනේ.

Share with your friends :