දේශගුණික විපර්යාසයන්ට තිරසර විසදුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිටවන ලද ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයකු වශයෙන් ද දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති මෙන්ම කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාව පත් කර තිබේ.
මීට පෙර පිහිටවූ නැගෙනහිර පළාතේ පුරාවස්තු සුරැකීමේ ජනාධිපති කාර්ය සාධක බලකායෙහි සාමාජිකයකු වශයෙන් ද ඒ මහතාව පත් කෙරිණි.
ඊට අමතරව දිලිත් ජයවීර මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙහි සාමාජිකයකු වශයෙන් ද පසුගිය වසරේ සිට පත් කරන ලදී.
1967 සැප්තැම්බර් 18 වන දින ගාල්ලේදී උපත ලැබූ දිලිත් ජයවීර මහතා ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයෙන් හා කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරීය.
ජෝර්ජ් ස්ටුවර්ට් සමුහ ව්‍යාපාරයේ සභාපතිවරයා වන්නේද දිලිත් ජයවීර මහතාය.