ශ්රී ලංකාවේ හරිත සමාජ ආර්ථික රටාවක් ගොඩනැංවීම සඳහා ක්රියාමාර්ග ගැනීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ ඇත.
ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම ජනාධිපති කාර්ය සාධක බලකායට කැබිනට් ඇමතිවරුන් පස්දෙනෙකු ,ආණ්ඩුකාරවරියක, රාජ්ය ඇමතිවරුන් දාහතර දෙනෙකු හා පාර්ලිමේන්තු මන්ත්රීවරියක ඇතුළු සාමාජිකයෝ 46 දෙනෙක් ඇතුළත් වෙති.
මෙම කාර්ය සාධක බලකාය නම් කරනු ලැබ ඇත්තේ “දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත ශ්රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය “ලෙසය.