27 C
Colombo
20/11/2024

පළාත් අතර සංචරනය මැයි 30 තෙක් තහනම්

Share with your friends :

කොවිඩ් 19 වසංගතය පිටුදැකීම සඳහා සියලු පාර්ශවයන් සමග පැවැත් වූ සාකච්ඡාවෙන් පසු ලබන මැයි 30 වැනිදා තෙක් පළාත් අතර සංචරන සීමා පැනවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. එහෙත් අත්‍යවශ්‍ය සේවා සඳහා එය බාධාවක් නොවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
එමෙන්ම පිරිස් එක් රැස් වී කරන සියලු සම්භාෂණ අවස්ථා අවලංගු කිරීමටත්, වෙළෙඳ ආයතන තුළට පිවිසීමේ හා රැදී සිටිය හැකි පුද්ගල සංඛ්‍යාව සීමා කිරීමටත්,
ආසාධිතයන් බහුලව හමුවන ප්‍රදේශ හුදකලා කිරීම වැනි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමටත් ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත.

කෙසේ වෙතත් එම සීමාවන් පැනවිමේදී ජන ජීවිතය අඩාල නොවන අයුරින් සහ රටේ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට නිසි ක්‍රමවේද අනුගමනය කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

Share with your friends :