ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් දිමුත් කරුණාරත්න ඉවත් කර කණ්ඩායමේ නායකත්වයට කුසල් ජනිත් පෙරේරා සහ උප නායකත්වයට කුසල් මෙන්ඩිස් පත්කර ඇත.
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ 23 වන නායකයා ලෙස දිමුත් කරුණාරත්න 2019 වසරේදී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නායකත්වයට පත්විය.
2019 වසරේදී එංගලන්තයේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන්නේ ඔහුගේ නායකත්වය යටතේය.
කෙසේ වෙතත් දිමුත් මේ දක්වා එක්දින තරග 17කදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදී ඇති අතර ඉන් තරග 10ක් ජය ගැනීමට සමත්ව තිබේ.ඔහුගේ නායකත්වය යටතේ පරාජය වු එක්දින තරග සංඛ්‍යාව 7කි.
previous post
next post