ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයින්ට රටට ඇතුළු වීම තහනම් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය රජය තීරණය කර ඇත.
ඒ අනුව මෙලෙස තහනම් කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකාව , බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය යන රටවල සංචරය කර ඇති පිරිස් සදහා බව එමීරයේ අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග කියා සිටී.
එම රටවල් වල සීඝ්රයෙන් පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන් එමීර් රජය මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව පසුගිය දින 14 ආවරණය වන ආකාරයෙන් ලංකාව ඇතුළු ඉහත කී රටවල ගත කර ඇති සියල්ලන් හට මේ අනුව එමීරය වෙත පැමිණීම තහනම් වන අතර මෙම රටවල දිගුකාලීනව හා කෙටිකාලීනව කාලය ගත කළ අයට ද මෙම නියමය වලංගු වනු ඇත.