සියලු පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණයත් සමඟ දුර ගමන් සේවා බස් රථ සීමාකිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.
අවශ්‍යතාවය මත අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බස් රථ ධාවනය සඳහා ඩිපෝ අධිකාරිවරුන් වෙත උපදෙස් ලබා දෙන බවද ඔහු සඳහන් කරයි.
පළාත් අතර කිසිදු බාධාවකින් තොරව අවශ්‍ය බස්රථ යෙදවීමට පියවර ගන්නා බවද සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.