27 C
Colombo
19/11/2024

රජයේ සේවකයන්ට පළාත් අතර යන්න ආයතන ප්‍රධානියාගේ ලිපියක්

Share with your friends :

සේවයට කැඳවා ඇති රාජ්‍ය සේවකයින් පළාත් අතර ගමන් කිරිමේදී සිය ආයතන ප්‍රධානියා විසින් සේවයට කැඳවිමට අදාළ ව ලබාදුන් ලිපියක් ඉදිරිපත් කිරිම අනිවාර්ය බව රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

අමාත්‍යංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා පැවසුවේ අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් සංචරණ සීමා පැනවීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවය.

පවතින කොවිඩ් අවදානම හමුවේ රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අදාළ විශේ්ෂ චක්‍රලේඛයක් අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇත.

ඒ අනුව කාර්යාල කටයුතු පවත්වාගෙන යාම සදහා අත්‍යවශ්‍යම අවම කාර්ය මණ්ඩලය පමණක් සේවයට කැඳවිය යුතු අතර ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනිමේ වගකීම ආයතන ප්‍රධානීන් වෙත පවරා තිබේ.

Share with your friends :