පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය කටයුතු කිරීම හේතුවෙන් සියලුම දුර ගමන් සේවා දුම්රිය අවලංගු කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව බස්නාහිර පළාත තුළ කොළඹ කොටුව සිට අබේපුස්ස, මරදාන සිට අලුත්ගම, කොළඹ කොටුව සිට කොච්චිකඩේ සහ කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා පමණක් දුම්රිය ධාවනය වනු ඇත.