27 C
Colombo
20/11/2024

සේවා ස්ථානයෙන් පිටත දිස්ත්‍රික්කවල සේවකයන් කැඳවීමේදී රජයේ කාර්යාලවලට සීමාවක්

Share with your friends :

රජයේ කාර්යාල සහ සේවා ස්ථානවලට ඒවා පිහිටි දිස්ත්‍රික්කවලට පිටත දිස්ත්‍රික්ක වලින් සේවකයන් කැඳවීම සීමා කරන්නැයි ආයතන ප්‍රධානීන්ට උපදෙස් නිකුත් කර ඇති බව කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු රැස්වීමකදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට මේ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබා දුන් බව ද යුද හමුදාපතිවරයා කීය.

සංචරණ සීමා කර කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ මූලික පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති.

මේ අතර කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගියහොත් පළාත් අතර සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය .

කොවිඩ් අවදානම හේතුවෙන් දිවයිනේ පොලිස් වසම් හා ග්‍රාම සේවක වසම් සියයකට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට හුදෙකලා කර ඇත .

Share with your friends :