කොවිඩ් වෛරසයේ බලපෑමෙන් ඇති වන දිලීර ආසාදනයක් සම්බන්ධයෙන් ඉන්දියාවෙන් වාර්තාවී තිබේ.
කළු පුස් හෙවත් මියුකෝමයිකෝසිස් යනුවෙන් හඳුන්වන මෙම මාරාන්තික දිලීර ආසාදනය නිසා දිගු කලක් දැඩි සත්කාර ඒකකවල රඳවා සිටින හෝ ප්‍රතිශක්තීකරණ පද්ධතිය අඩපණ වූ රෝගීන් මරණයට පත්වීමේ වැඩි ඉඩක් පවතී.කොරෝනා ආසාදනයෙව් සුව වී සහ සුවය ලබමින් සිටින පුද්ගලයන් අතර මෙය දක්නට ලැබේ.
මෙම රෝගය ආසාදිත පුද්ගලයන්ට නාසය, කන, උගුර ආශ්‍රිතව ආසාදන තත්ත්වයන් ඇතිවවන අතර ඇතැම් අවස්ථාවල ඇස් සහ මොලය දක්වාම මෙම රෝගය බලපායි.
අන්ධ භාවය මෙන්ම ආබාධිත තත්ත්වයන් ද මෙමගින් ඇති කරයි. මෙම රෝගය වැළඳුනු ඇතැම් පුද්ගලයන්ගේ ඇස් ශල්‍යකර්ම මගින් ඉවත් කර තිබේ.