මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණෙන සියලු ගුවන් යානා සඳහා ගොඩ බැස්සවීමේ සහ නවතා තැබීමේ ගාස්තු වසර දෙකක කාලයක් සඳහා අය නොකිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපල වෙත මෙතෙක් පැමිණි ගුවන් සමාගම්ද මත්තල ගුවන් තොටුපල වෙත ඇදී යාමේ අවදානමක් මතුවන බව ගුවන් සේවා ක්ෂේත්රයේ ප්‍රවීණයෝ පවසති.
මෙම ගාස්තු මෙසේ නිදහස් කර ඇත්තේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගුවන් යානා සහ ගුවන් මගින් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීමේ උපක්‍රමයක් ලෙස බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මත්තල ගුවන් තොටුපළට ගුවන් යානා ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ලයන් එයාර්,යුක්රේන් එයාර් ලයින්,ඉන්ඩිගෝ,එයාර් ඉන්ඩියා,එයාර් විස්තාරා,සලාම් එයාර් ,එම්රේට්ස් සහ මෝල්ඩිවියන් එයාර් යන ගුවන් සමාගම් සමග සාකච්ඡා අවසන් කර ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස විදේශීය ගුවන් සමාගම් අටක් මත්තල ගුවන්තොටුපොළට ගුවන් යානා එවීම අරඹා ඇති බවත් රණතුංග මහතා පවසයි.
යම් ලෙසකින් මෙතෙක් කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි යානා ඒ වෙනුවට මත්තල වෙත ගමන් කරන්නට පටන්ගතහොත් ගුවන් සමාගම් වලට විශාල මුදලක් ඉතිරි වන අතර ශ්‍රීලංකා රජයට විශාල ආදායමක් අහිමි වනු ඇත.
එසේම ඒ අනුව ගුවන් මගීන්ටද දැඩි අසීරුත රැසක්ම ඇති වනු ඇත්තේ මත්තල සිට නැවත කොළඹ බලා ගමන් කරන්නට විශාල මුදලක් වැයවන බැවිනි. සාමාන්‍යයෙන් මත්තල ගුවන්තොටුපල ආසන්නයේ ඇති හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්ක සාමාන්‍යයෙන් මෙරට ගුවන් මගීන් අඩුම දිස්ත්‍රික්ක අතරට වැටේ.