අගමැති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේම නාරාහේන්පිට අභයාරාමට ගොස් මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් සමග පැය එකහමාරක පමණ කාලයක් සාකච්ඡා කර ඇත.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පසුගිය දිනවල ආණ්ඩුවට එරෙහිව දැඩි විවේචන එල්ල කරමින් සිටිනු දක්නට ලැබුණි. පසුව චීන පොර්ට් සිටි පනතට එරෙහිව සටන ආරම්භ කළේද විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා සමග ආනන්ද හිමියන් විසිනි.
2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා යළි සක්‍රිය දේශපාලනයට රැගෙන ඒමේ මෙහෙයුමෙහි ප්‍රබල භූමිකාවක් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් ඉටු කළ අතර එවකට මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතුවල මූලස්ථානය වී තිබුණේ ද නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයයි.
කෙසේ වෙතත් වර්තමානයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ කටයුතුද මෑත කාලීනව වරින් වර ආනන්ද හිමියන් විසින් දැඩි විවේචනයට ලක් කළේය. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ධුරයට වෛද්‍ය සමන් රත්නායක පත් නොකිරීම සම්බන්ධයෙන්ද ආනන්ද හිමියන් දැඩි විරෝධය පල කරන ලදී. කෙසේ වෙතත් පසුගියදා හදිසියේම රජය විසින් වෛද්‍ය සමන් රත්නායක මහතා සෞඛ්‍ය සැපයුම් සේවා රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ලෙස පත් කරන ලදී.