ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිගේ භාරතීය ජනතා පක්ෂය පරාජය ලැබීය. බටහිර බෙංගාලය ජය ගැනීම සඳහා භාරතීය ජනතා පක්ෂය දැඩි උත්සහ ගත්තද එය සාර්ථක නොවූ අතර හිටපු මහා ඇමතිනිය වන මම්තා බැනර්ජි ගේ පක්ෂය එය ජයග්‍රහණය කරන්නට සමත් විය.
මම්තා බැනර්ජි යනු නරේන්ද්‍ර මෝඩි දරුණු ලෙස විවේචනය කරන්නියකි.
මෙහිදී ඇසෑම් , කේරල, තමිල්නාඩු ප්‍රාන්තවලද මැතිවරණ පවත්වන ලද අතර භාරතීය ජනතා පක්ෂය බහුතරය ලබා ගත්තේ ඇසෑම් ප්‍රාන්තයේ පමණි.
ඉන්දියාවේ මහා මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2024 වසරේදීය. කෙසේ වෙතත් මෙවර ප්‍රාන්ත සභා මැතිවරණ අගමැති මෝඩිගේ ජනප්‍රියතාවය මැන බැලෙන ප්‍රධාන සාධකයක් විය.