27 C
Colombo
25/11/2024

තමිල්නාඩු ප්‍රාන්තයේ බලය ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් (ඩී.එම්.කේ) පක්ෂයට

Share with your friends :

වසර දහයකට පසු තමිල්නාඩු ප්‍රාන්තයේ බලය තහවුරු කරගැනීමට ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් (ඩී.එම්.කේ) පක්ෂය සමත්ව ඇත.

ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් (ඩී.එම්.කේ) පක්ෂය තමිල්නාඩුවේ ආසන 234න් ආසන 122 බලය තහවුරු කරගැනීමට සමත්ව ඇති අතර ඔවුන්ට සහාය දක්වන පක්ෂ තවත් ආසන 23ක බලය තහවුරු කරගැනීමට සමත්ව ඇත.

තමිල්නාඩු ප්‍රාන්තයේ ආසන 234ක් සඳහා වන ඡන්ද විමසීම අප්‍රේල් මස 6 වැනිදා පැවැත්විණි.

මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 72.78ක් ලෙස දැක්විණි.

තමිල්නාඩු ප්‍රාන්තයේ ඡන්දය ගණන කිරීම දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ සහ නව ‘කොවිඩ්-19’ සෞඛ්‍ය රෙගුලාසි මධ්‍යයේ ආරම්භ විය.

Share with your friends :