27 C
Colombo
21/01/2025

චීන ආරක්ෂක ඇමතිට හෝන් ගැසූ තරුණයා ඇප මත නිදහස්

Share with your friends :

චීන ආරක්ෂක අමාත්‍යවරයා රැගත් රථ පෙළට කොළඹට පැමිණීමේදී සාමාන්‍ය ජනතාවගේ රථ වාහන නවත්වා ඉඩදීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් තම රථයේ හෝන් ගසමින් විරෝධය පළකළ පුද්ගලයා ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. ඒ අනුව සැකකරු රුපියල් 50,000 ශරීර ඇපමත නිදහස් කර ඇත.
අනෙකුත් රියදුරන් උසිගන්වමින් නීතිවිරෝධී රැස්වීමක් සංවිධානය කිරීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකිරීම යන චෝදනා සම්බන්ධයෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබිණි.චීන ආරක්ෂක ඇමතිවරයාගේ රථ පෙළට ආරක්ෂාව සැලසීම උදෙසා දීර්ඝ වේලාවක් සියලුම වාහන ගමනාගනය නතර කර මාර්ගය වසා තැබීමට පොලිසිය කටයුතු කර තිබුණු අතර අවසානයේ රියදුරන් නලා හඬවමින් ඊට විරෝධය පළකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් තිබෙනු දැකගත හැකි විය.
මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය වෙත ඉදිරිපත් කර තිබූ අතර සැකකරු ඇපමත නිදහස් කිරීමට තීරණය කළ මහේස්ත්‍රාත්වරිය මැයි මස 12 වැනිදා දක්වා නඩුව කල් තැබීමට නියෝග කළාය.

Share with your friends :