මියන්මාරයේ ගුවන් හමුදා කඳවුරු දෙකකට ප්‍රහාර එල්ල වී තිබේ. මෙම ප්‍රහාර කවුරුන් විසින් එල්ල කලේ දැයි මෙතෙක් හෙළිවී නොමැත.
මෙයින් එක කඳවුරක පිපිරීමක් සිදුව ඇති අතර අනෙක් කඳවුර වෙත රොකට් ප්‍රහාරයක් සිදුව තිබේ.
පසුගිය පෙබරවාරි 1 වැනිදා සිට මියන්මාරයේ පවතින්නේ හමුදා රජයකි.
මග්වේ නගරය ආසන්නයේ ඇති ගුවන් හමුදා කඳවුරට මෙයින් එක ප්‍රහාරයක් එල්ලවී තිබේ.
මෙයික්ටිලා ගුවන් හමුදා කඳවුරට අනෙක් ප්‍රහාරය එල්ලවී ඇති අතර එහිදී එම කඳවුරට රොකට් ප්‍රහාර පහක් එල්ලවී තිබේ.
මේ වන විට එරට සාමාන්‍ය ජනතාව එරට හමුදා පාලකයන්ට එරෙහිව සන්නද්ධ අරගලයක් දියත් කිරීම ආරම්භ කර තිබේ.